Hot Posts

6/recent/ticker-posts

කොරියාවට පය තැබීමට බලාපොරොත්තු වන සියලු දෙනා හටම වැදගත් තොරතුරු .


කොරියාවට පය තැබීමට බලාපොරොත්තු වන සියලු දෙනා හටම වැදගත් තොරතුරු .

කොරියාව යනු මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් රටක් වන අතර කොරියාවට ඇතුළු වන සියලූම විදේශිකයින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන අතර මත්ද්‍රව්‍ය පරීක්ෂාවකටද භාජනය කෙරේ. 

ආසන්න කාල සීමාවක මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට පරීක්ෂාව තුළින් ඔප්පු වුවහොත් වහාම කොරියාවෙන් පිටුවහල් කිරීමට කටයුතු කරනු ලැබේ.

පරීක්ෂාව විවිධ ක්‍රම ඔස්සේ සිදු කරනු ලබන අතර, මුත්‍රා සාම්පල සහ හිසකෙස් මඟින් පරීක්ෂාව විශේෂයෙන් සිදු කෙරේ. හිසකෙස් පරීක්ෂාව තුළින් වසරකට පෙර පමණ කාලයක දී වුවද මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්නම් හෙළිදරව් කර ගැනීමට හැකි ය. එමනිසා අවම මාස තුන හෝ උපරිමය වසරක කාලයකට පෙර පරීක්ෂාව මඟින් හෙලිදරව් කර ගත හැකි ය.

අවාසනාවන්ත කාරණය නම් මත්ද්‍රව්‍ය සෘජුවම භාවිතා නොකළද දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය අඩංගු වන ඖෂධ ලබා ගැනීම තුළින්ද මෙම පරීක්ෂාව positive විය හැකි බැවින් විශේෂයෙන්ම කොරියාවේ යාමට බලාපොරොත්තු වන අය ඒ කෙරෙහි දැඩිව සැලකිලිමත් විය යුතු යි. (සිංහල බෙහෙත් සහ වෙනත් ඖෂධ/කොරියාව තුළ දී පවා ලබා ගන්න බෙහෙත්) එවන් අවාසනාවන්ත අවස්ථාවලට මුහුණ පා නැවත ලංකාවට පැමිණි අයවලුන් සිටින හෙයිනි. යම් හෙයකින් එකී ඖෂධ ලබා ගැනීම හේතුවෙන් පරීක්ෂාව positive වුවහොත් ඔබට නිදොස් වීමට නම් ඒ බව ඔප්පු කිරීමටද හැකි විය යුතු ය.

කෙසේ නමුත්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තමාව විනාශ කර නොගෙන ප්‍රථමයෙන් තමාගේ ජීවිතයට ආදරය කිරීමට පුරුදු වෙමු. දුසිරිතෙන් මිදී සුන්දර ගමනක් යන්න පුළුවන් කොරියාවේ පය තබා මහන්සියෙන්, බුද්ධිමත්ව කටයුතු කරන අය හට. 

තමාගේ ජීවිතය අකාලයේ විනාශ කර නොගෙන සැපවත් ජීවිතයකට අද සිට හෝ මුල් තැබීමට පියවර ගන්න... 
ඔබේ සිහින බොඳ කර නොගෙන සිහින සැබෑ කර ගන්න බුද්ධිමත්ව ක්‍රියා කරන්න...
සියලු දෙනාටම ජයෙන් ජය!

Post a Comment

0 Comments