Hot Posts

6/recent/ticker-posts

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අදාළව ඔබ විසින් දැනගත යුතු දේවල් .

 EPS TOPIK EXAM

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අදාළව ඔබ විසින් සොයපු දේවල් සහ දැනගත යුතු දේවල්


මුලින්ම ඔයාලට කියන්න ඕනෙ ඔයාලට මේ වෙද්දි 
ලැබිල තියෙන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 එක හෝ විභාග තොරතුරු
ඇතුළත් ලේඛනය සමාජ මාධ්‍යවල බෙදා හැරීම 
හෝ මිතුරන් අතර හුවමාරු කර ගැනීමෙන් වලකින්න.

කෙසේ නමුත් ඔබ විභාගයේ දී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන  අවදානය යොමු කරමු. 

විභාගයේ අපට ලැබෙන 𝗣𝗮𝗽𝗲𝗿 එක ගැන කෙටියෙන් කිව්වොත් ...❓

දැනටමත් ඔයාල දන්නවා ඔයාලට අදාළ විෂය නිර්දේශයේ පාඩම් මාලාව ආවරණය වෙන විදියට තමයි පේපර් එක හැඳෙන්නෙ කියන එක. ඒ අනුව විභාගය සඳහා කියවීම සහ සවන්දීම වශයෙන් 𝗣𝗮𝗽𝗲𝗿 කොටස් දෙකකට ඔයාලට පිළිතුරු සපයන්න සිදු වෙනවා. 

ඒ අනුව ඔයාලට විභාගයේ දී ප්‍රශ්න 𝟰𝟬 කට විනාඩි 𝟱𝟬 ක් තුළ පිළිතුරු සෙවීමටත් සිදු වෙනවා. ඒ කියන්නේ කියවීම 𝗣𝗮𝗽𝗲𝗿 එක සඳහා විනාඩි 𝟮𝟱 ක් ද , සවන්දීම 𝗣𝗮𝗽𝗲𝗿 එක සඳහා විනාඩි 𝟮𝟱 ක කාලයක් ද ඔයාලට ලබා දෙනවා. කියවීම තුළින් ඔයාලට ලැබුණු ප්‍රශ්න කැමති පරිදි 𝗦𝗲𝗹𝗲𝗰𝘁𝗲𝗱 කරගෙන පිළිතුරු සපයන්නට හැකියාවක් තිබුණත් සවන්දීම 𝗣𝗮𝗽𝗲𝗿 එක තුළ ස්වයංක්‍රීයව එක දිගට ප්‍රශ්න පෙළගස්වාගෙන යන නිසා ඒ එක් එක් ප්‍රශ්නයට , අදාළ කාලය තුළ ඔයාලට පිළිතුරු සපයන්නට සිදුවෙනවා. ඒ වගෙම ඊට අදාල වේලාව තිරයේ දිස්වන ප්‍රශ්නයට ඉහළින් පෙන්වනවා. විශේෂයෙන්ම දැනගන්නෝනෙ ඔයාලට පළමුව ලැබෙන්නේ කියවීමේ 𝗣𝗮𝗽𝗲𝗿 එක බව. 

විභාගයට ඉදිරිපත්වීමට පෙර මූලිකව ඔබ විසින් සූදානම් කරගතයුතු දේවල් ...❓

  •  ඔයාල ලඟ මේ වෙද්දිත් අනිවාර්යයෙන් ම වලංගු 𝗣𝗮𝘀𝘀𝗽𝗼𝗿𝘁 එකක් තියෙනවා. ඒක සූදානම් කර ගන්න.
  •  දෙවනුව 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 එක ගන්න. ( 𝗔𝟰 𝘀𝗶𝘇𝗲 𝗖𝗼𝗹𝗼𝗿 𝗣𝗿𝗶𝗻𝘁 එකක් )[ වෙන කිසි දෙයක් විභාග ශාලාව තුළට ගෙනියන්න බෑ සහ එපා ]

විභාගය පැවැත්වෙන කාණ්ඩයන් කෙසේද ... ❓

එක් දිනයකට විභාග මධ්‍යස්ථානයේ විභාග අවස්ථාවන් 𝟬𝟰 ක් පැවැත්වෙන අතර ඔබ විසින් ඔබට අදාල විභාග දිනය , විභාගයට පෙනී සිටිය යුතු වේලාව සහ ස්ථානය ගැන හොඳ අවබෝධයකින් සිටිය යුතු බව  මතක් කරනවා. 

 පළමු කාණ්ඩය යටතේ දැනට අයදුම්පත් නිකුත් වූ  පිරිසකට විභාගය පැවැත්වීමට කටයුතු සිදු කරන අතර ඉතිරි පිරිස දෙවන කාණ්ඩයට අයත් වේ. තවද, මෙවර විභාගයේදී ලබා දෙන 𝗤𝘂𝗼𝘁𝗮වට සාපේක්ෂව පළමු විභාග කාණ්ඩය යටතේ ඉදිරිපත් වන පිරිසෙන් , කොපමණ ප්‍රමාණයක් විභාගය සමත් කරවනවා ද යන්න ගැන සම්පූර්ණ තින්දු තීරණ ගනු ලබන්නේ " දකුණු කොරියානු ජනරජය " යටතේ කොරියානු 𝗛𝗥𝗗 ආයතනය විසිනි. ( එනම්, පවතින තොරතුරු සුදුසු පරිදි යාවත්කාලීන කිරීම ඔවුන් විසින් සිදු කරන්නකි. ) 


විශේෂයෙන්ම විභාග අවස්ථාවේ ඔබ විසින් ලබා ගත් ලකුණු ප්‍රමාණය මත 𝗦𝗸𝗶𝗹𝗹 𝗧𝗲𝘀𝘁 එක සඳහා ඔබව යොමු කරනු ලබන අතර ඊට සුදුසුකම් ලැබීමෙන් ම ඔබ විභාගය සමත්වූවෙකු සේ නොසලකයි. විභාගයෙන් පසු ඒ සඳහා සූදානම් වන ඔබ 𝗦𝗸𝗶𝗹𝗹 පරීක්ෂණය ද වැඩි ලකුණකින් සමත්වීම අනිවාර්යය කරුණකි. ඔබගේ කාණ්ඩයේ විභාගය අවසන් වූ පසුව එම කාණ්ඩයෙන් අවශ්‍ය ශ්‍රමිකයන් සංඛ්‍යාවට අදාලව තමයි නිපුණතා පරීක්ෂණයේ සහ කුසලතා පරීක්ෂණයේ ලකුණු එකතු කොට ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදු කරන්නෙ. 


        එහිදී ඔබට ලබා දී ඇති 𝗖𝗨𝗧𝗢𝗙𝗙 𝗠𝗔𝗥𝗞 අගයට අදාළව වැඩි ලකුණු ලබාගන්නා සියලුම අයවලුන් කොරියානු රැකියා වරම් ලබා ගැනීමට සුදුස්සන් ලෙස තෝරා ගැනීමක් සිදු කරනු ලබනවා. දැනට තීරණය ඔවුන් පලමුව 𝗪𝗲𝗯 පිටුවට ඇතුලත් කිරීමයි.

 විභාගය පැවැත්වෙන ස්ථානය සහ වේලාවන් ...❓

 ඔයාල විභාගය සඳහා පැමිණෙන කෙනෙක් නම් 𝗡𝗼: 𝟮𝟬𝟱 , 𝗕𝗼𝗿𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱 , 𝗗𝗲𝗽𝗮𝗻𝗮𝗺𝗮 , 𝗣𝗮𝗻𝗻𝗶𝗽𝗶𝘁𝗶𝘆𝗮 යන ලිපිනයට ... විභාගය ආරම්භ වන වේලාවට පැයකට , පැය එක හමාරකට කලින්වත් පැමිණෙන්න. ( 𝟭𝟳𝟰 කොට්ටාව - බොරැල්ල බස් මාර්ගයේ දෙපානම පිහිටි 𝗙𝗼𝗼𝗱 𝗰𝗶𝘁𝘆 එක්ස්ප්‍රස් ගොඩනැගිලේ උඩු මහලේ " කොරියානු පරිගණක මාධ්‍ය විභාග මධ්‍යස්ථානය " පිහිටල තියෙනවා. 

𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 :-
Korean Examination Center
https://maps.app.goo.gl/PZpS5yEzRarhK5G3A 
ඒ වගෙම 𝗦𝗹𝗯𝗳𝗲.𝗹𝗸 වෙබ් අඩවිය වෙත පිවිසීමේ දී ඔබට ලැබෙන පෞද්ගලික විස්තර තුළ 𝗦𝗲𝘀𝘀𝗶𝗼𝗻 ( 𝗧𝗲𝘀𝘁 𝘁𝗶𝗺𝗲 එක තියෙන තැන ඉදිරියෙන් ) 𝟭𝘀𝘁 , 𝟮𝗻𝗱 , 𝟯𝗿𝗱 , 𝟰𝘁𝗵 වශයෙන් දිනකට පවත්වන විභාග වාර 𝟬𝟰 ගැනත් , ඒ හතරෙන් ඔබට මුහුණ දෙන්නට සිදුවන්නේ කී වන විභාග වාරයට ද සහ ඊට අදාල වේලාව ද දක්වලා තියෙනවා. 

💠 𝗧𝗲𝘀𝘁 𝗿𝗼𝗼𝗺 යටතේ පහත ආකාරයට අදාල 𝗖𝗕𝗧 𝗿𝗼𝗼𝗺 𝟬𝟮 දක්වා තියෙනවා.
▪️𝗖𝗕𝗧 𝗧𝗲𝘀𝘁 𝗿𝗼𝗼𝗺 - 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝟭 ( දෙවන මහල )
▪️𝗖𝗕𝗧 𝗧𝗲𝘀𝘁 𝗿𝗼𝗼𝗺 - 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝟮 ( තෙවන මහල )

  • ඔබ අදාල වන්නේ මේ 𝗿𝗼𝗼𝗺 දෙකෙන් කුමකට ද යන්න මේ වන විටත් දැනුවත්. ඒ වගෙම විභාග ශාලාවට ඇතුලු වීමට මත්තෙන් අදාල බළධාරීන් විසින් ඒ අවස්ථාවේ විභාගයට මුහුණ දෙන අයදුම්කරුවන් සියල්ලන්ගේ විස්තර ලේඛන කොට අදාල 𝗧𝗲𝘀𝘁 𝗿𝗼𝗼𝗺 එක ඉදිරිපිට පුවරුවල දැනුවත් කිරීම් සිදු කරනවා. එය ඔබේ කාර්‍යය පහසු කරවයි. 
  • 💠 ඔබගේ තොරතුරු විභාගයට පෙරාතුව අධීක්ෂණයට ලක්වෙන අතර 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 එකේ හෝ 𝗣𝗮𝘀𝘀𝗽𝗼𝗿𝘁 එකේ යම් වරදක් ඇතිනම් එතැන සිටින අධීක්ෂණ නිළධාරීන්ව දැනුවත් කරන්න. ( ඒ සඳහා ඔබේ වාරය පැමිණෙන තුරු රැඳී සිටින්න.)
  • 💠 විභාගය 𝗢𝗻𝗹𝗶𝗻𝗲 ( 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿 𝗦𝘆𝗲𝘁𝗲𝗺 යටතේ ) පැවැත්වෙන නිසා එය පැවැත්වෙන ආකාරය ගැන පෙර පුහුණුවක් විභාගයට මත්තෙන් 𝗖𝗕𝗧 මධ්‍යස්ථානයේ සිදුවේ. ( එය වටහා ගැනීම පහසුකරවීම සඳහා මෙසේ  පෙර දැනුවත් කිරීමක් කරමි  )
  • විභාග ශාලාවේ දී අවදානය දිය යුතු මූලිකම කරුණු මොනවාද ...❓
  • මුඛ ආවරණ පැළඳ විභාග ශාලාවට ඇතුලු වීම අනිවාර්ය වෙනවා. ඒ වගෙම සමාජ දුරස්ථභාවය ගැනත් සැලකිලිමත් වෙන්න.
  • තමන් වෙනුවට වෙනත් පුද්ගලයෙකුට විභාගය සඳහා විභාග ශාලාවට ඇතුලු වෙන්න බැහැ. 
  • තමන්ගේ කලබලකාරී බව එක්ක වෙනත් අයෙකුගේ 𝗽𝗮𝘀𝘀𝗽𝗼𝗿𝘁 එක හෝ 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 එක රැගෙනවිත් විභාග ශාලාවට ඇතුලත් වෙන්නත් එපා. ( ඇතැම් අවස්ථාවල පෙම්වතුන් හෝ මිතුරු / මිතුරියන් පටලවාගෙන එවැනි දෑ රැගෙන එන අවස්ථාවන් තියෙනවා. )
  • ඊළඟ කාරණය තමයි විභාග ශාලාවට පැමිණෙන්න කලින් ඔයාලට නියමිත දිනය , ඒ වගෙම වේලාව හොඳින් මතකයේ තියාගන්න. නිවැරදි දිනයට හා වේලාවට නොපැමිණෙන අයට විභාගය ලිවීමට කිසිදු අවසරයක් හිමි වෙන්නෙ නැහැ.
  • විභාග ශාලාව තුළට 𝗣𝗵𝗼𝗻𝗲 , පර්ස් , ගමන්මලු , පෑන් / පැන්සල් , කඩදාසි , ඔරලෝසු , වතුර බෝතල් , ආහාර ද්‍රව්‍ය .. ආදී කිසිම දෙයක් රැගෙන යන්න බෑ. 
  • ඔබ විභාගයට පෙනී සිටිය යුතු ස්ථානයේ ඇති 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿 එකට අදාල 𝗡𝘂𝗺𝗯𝗲𝗿 එක සහිත ටැග් එකක් ඔබට එතැනදී ලබා දෙන අතර එය ඔබේ දකුණු උරහිසට පහළින් අමුණා ගන්න. විභාගය අවසන් කර පිටව ඒමේ දී එය ගලවා ඔබේ 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿 𝗧𝗮𝗯𝗹𝗲 එක මත තබා එන්නට අමතක කරන්න එපා.
  • විභාග ශාලාව තුළ ඝෝෂා කිරීමෙන් වලකින්න. 
  •  විභාගය අතරතුර අධීක්ෂණ නිළධාරීන්ගේ උපදෙස්වලට අනුකූලව ක්‍රියා කිරිමට ඔබ විසින් නිතරම වග බලාගන්න. 

⚠️ ඉහත ක්‍රියාවන්ට අවනත නොවී කටයුතු සිදුකරන්නෙක් සිටී නම් ඔහු විභාග වංචනිකයෙකු ලෙස සැලකෙන අතර ඔවුන් 𝗖𝗖𝗧𝗩 පද්දතිය හරහා අදීක්ෂණයට යටත් වෙනවා මෙන්ම වසර 𝟬𝟯 ක විභාග තහනමකට ද ලක්වෙනවා ඇත. ⚠️

 ඉහත ක්‍රියාවන්ට අමතරව 𝗣𝗮𝘀𝘀𝗽𝗼𝗿𝘁 එකේ සිටින පුද්ගලයා සහ 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 එකේ සිටින පුද්ගලයා එකම පුද්ගලයෙක් බවට තහවුරු කර ගැනීම පහසුකරවීම සඳහා පිරිමි අය නම් රැවුල අඩු කර දෙපාර්ශවයම පිළිවෙලට විභාග ශාලාවට යන්න. 


ඔබ විසින් ලබා ගත් ලකුණු ප්‍රතිඵල ඒ මොහොතේදී ම දැනගන්නා ආකාරය ... ❓

 විභාගයේ 𝗣𝗮𝗽𝗲𝗿 දෙක සඳහා වෙන්කල කාලය අවසන් වූ පසුව දකුණු පස පහළින් 𝗦𝗨𝗕𝗠𝗜𝗧 යනුවෙන් රතු පැහැති 𝗕𝗨𝗧𝗧𝗢𝗡 එකක් දිස්වෙන්නට පටන් ගන්නවා. එය 𝗖𝗟𝗜𝗖𝗞 කිරීමෙන් පසුව , තත්පර කිහිපයකින් ඔබ විසින් විභාගයේ දී ලබා ගත් ලකුණු ප්‍රමාණය දැක බලා ගන්නට පුලුවන් 

𝗦𝗞𝗜𝗟𝗟 𝗧𝗘𝗦𝗧 එකට මොනවද බලන්නෙ ... ❓

  • ඔබ විසින් ලබාගත් ලකුණු ප්‍රමාණය 𝟭𝟭𝟬 හෝ ඊට වැඩි නම් ( ප්‍රතිශතයක් වශයෙන් 𝟱𝟱%ක් තිබෙනවා නම් ) ඔබට දෙවන පරීක්ෂණය වන 𝗦𝗸𝗶𝗹𝗹 විභාගයට පෙනී සිටින්නට පුලුවන්කමක් ලැබෙනවා. එය විභාගයෙන් පසුව වෙනම දිනයක සිදු කරනවා ඇත. මෙය පෙර නිළ වෙබ් පිටුවෙහි සඳහන් කරන ලද විස්තර වලට අනුවය. ( ඉහත සඳහන් ලකුණු උදාහරණයක් පමණි. එය වර්ෂය හා කාන්ඩය අ‌‌‌නුව වෙනස් විය හැකිය. ) 
  • එහිදී ඔබගේ උස / බර සහ පිළිබඳව අනිවාර්යයෙන් පරීක්ෂා කරනු ලබයි. ඒ වගෙම කුසලතා පරීක්ෂණය ද හොඳින් සමත්විය යුතුය.


✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎  𝒢𝗼𝗼𝗱 ℒ𝘂𝗰𝗸  ✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎



Post a Comment

0 Comments