සම්ගුක් යුසා මූලාශ්‍රයේ සඳහන් පුරාවෘත්ත කථා අනුව,
ගෝජොසොන් (පැරණි ජොසොන්) රාජධානිය ක්‍රි.පූ. 2333දී උතුරු කොරියාවේ සහ මැංචූරියාවේ පිහිටුවන ලද්දකි.
[9] ගිජා ජොසොන් රාජධානිය ක්‍රි.පූ. 12වන සියවසේ ඇරඹුණු බවට සැලකෙන අතර එහි පැවැත්ම පිළිබඳ අදටත් වාද විවාද පවතී.
[11] ගෝජොසොන් පිළිබඳ ලිඛිත ඓතිහාසික මූලාශ්‍ර හමුවන්නේ ක්‍රි.පූ. 7වන සියවසේ මුල් භාගයේ ය.
[13]ක්‍රි.පූ. 3වන සියවසේ දී දකුණුදිග කොරියාවේ
ජින් රාජ්‍යය ආරම්භ විය. ක්‍රි.පූ. 2වන සියවසේදී, ගිජා ජොසොන් ප්‍රතිස්ථාපනය කරමින්
විමන් ජොසොන් රාජධානිය ඇරඹුණු අතර එය එම සියවසේ අගභාගයේ දී,
හන් චීනය විසින් එය
අයත් කරගන්නා ලදී. මෙය ගෝජොසොන්හි බිඳවැටීමට හේතු වූ අතර මෙය පසුකාලීන යකඩ යුගය පුරා විහිදි සතුරු රාජ්‍ය වූ,
ප්‍රාක්–තුන් රාජධානි යුගය ඇරඹීමට හේතු විය.
1388දී සිදු කළ කුමන්ත්‍රණයකින් පසු 1392දී,
යි සොං-ග්යේ විසින්
ජොසොන් රාජවංශය (1392–1910) ආරම්භ කරන ලදී.
මහා සේජොං රජු (1418–1450) විසින් විවිධ පරිපාලන, සමාජයීය, සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලදී. ඔහු විසින් රාජවංශයේ මුල් කාලයේ රාජකීය අධිකාරය ස්ථාපනය කළ අතර කොරියානු වර්ණමාලාව වූ
හංගුල් ප්‍රචලිත කරවන ලදී.
සියවස් දෙකකට ආසන්න සතුටුදායක කාලපරිච්ඡේදයකින් පසු, ජොසොන් රාජවංශයට 1592න් ඇරඹී 1637 තෙක් පැවති ජපන් සහ මැංචු ආක්‍රමණවලට මුහුණ දීමට සිදු විය. ජපන් ආක්‍රමණ සමයේ චීනයේ යුධ සහාය රාජ්‍යයට බෙහෙවින් වැදගත් විය. නමුත් මිං මෙන්ම ජොසොන් රාජ්‍ය ද පරාජයට පත් කළ මැංචුවරු මුළු චීනයේම සිය ආධිපත්‍යය පතුරුවා ක්විං රාජවංශය ස්ථාපනය කළහ. මේ හේතුව නිසා ජොසොන් රාජ්‍යය ක්‍රමක්‍රමයෙන් හුදකලා සහ ව්‍යාකූල තත්ත්වයට පත් විය. 19වන සියවසේ මැද භාගය වන විට රාජ්‍යය නූතනකරණය වීමට අකමැති වීම සහ යුරෝපීය බලය නිසා චීනය පිරිහීම හේතුවෙන් කොරියාව විදේශීය බලඅධිකාරයයන්ගේ අවධානයට යොමු විය. ජපානය විසින් චීනය පරාජය කිරීමෙන් පසු කෙටි කාලයක් නිදහස භුක්ති විඳීමට සහ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රාජ්‍යයට හැකි විය. මෙය
කොරියානු අධිරාජ්‍යය (1897–1910) ලෙස හඳුන්වයි. කෙසේනමුත් කෙටිකලකින්ම මෙම රාජ්‍යය රුසියාව විසින් අභිබවනය කළ අතර, ජපානය රුසියාව පරාජය කිරීමෙන් පසු ඔවුන් විසින් කොරියාවට
ආරක්ෂිත රාජ්‍ය ගිවිසුමක් අත්සන් කරන ලෙස බලකෙරුණු අතර 1910දී
ජපානය විසින් කොරියානු අධිරාජ්‍යය ඈඳාගන්නා ලදී. එවිට ගිවිසුම් සියල්ල අවලංගු තත්ත්වයට පත් විය.
[18]1945දී ජපානයේ පරාජයෙන් පසු, රාජ්‍යය සෝවියට්වරුන්ගේ ආරක්ෂාව ලද උතුරු ප්‍රදේශය සහ ප්‍රධාන වශයෙන්
එක්සත් ජනපදයේ ආරක්ෂාව ලද දකුණු ප්‍රදේශය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිනි. 1948දී තනි රාජ්‍යයක් ගොඩනැගීමට දෙපාර්ශ්වය අකමැති වීම නිසා, මෙම ප්‍රදේශ නූතන උතුරු කොරියාව සහ දකුණු කොරියාව බවට පත් විය. කොරියානු අර්ධද්වීපය
38වන සමාන්තරානිකයේ දී බෙදා: දකුණු කොටස එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ සහාය ලබා "කොරියානු සමූහාණ්ඩුව" ද, උතුරු කොටස සොවියට් රුසියාවේ සහ සමාජවාදී
මහජන චීන සමූහාණ්ඩුවේ සහාය ලබා "ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු සමූහාණ්ඩුව" ද පිහිටුවන ලදී. 1950දී
ස්ටාලින් සහ
කිම් ඉල්-සුං විසින් කොමියුනිස්ට් පාලනය යටතේ රට නැවත එක්සත් කිරීමේ අරමුණින්
කොරියානු යුද්ධය දියත් කරන ලදී. විශාල ජීවිත සහ දේපල හානියකින් පසු, 1953දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරිණි. නමුත් සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණු නිසා රටවල් දෙකම නිල වශයෙන් යුද්ධයේ පැවතිණි. 1991දී මෙම රාජ්‍ය දෙකම
එක්සත් ජාතීන්ට අතුළත් කෙරිණි.
යුද්ධයෙන් පසු රටවල් දෙකම හමුදා පාලනයක් යටතේ පැවතිය ද,
දකුණු කොරියාව ක්‍රමයෙන් ලිහිල් වූ අතර 1987 සිට, එම රට සතුව තරගකාරී මැතිවරණ ක්‍රමයක් පැවතිණි. දකුණු කොරියානු ආර්ථිකය සමෘද්ධිමත් වූ අතර බටහිර යුරෝපය, ජපානය සහ එක්සත් ජනපදය මෙන් එය ද පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් ලෙස සැලකෙයි.
උතුරු කොරියාව යුධමය කොමියුනිස්ට් ආඥාදායක පාලන ක්‍රමයක් ගෙනගිය අතර, කිම් පවුලේ සාමාජිකයන් අතර රටේ නායකත්වය හුවමාරු වූ නිසා මෙය තරමක රාජාණ්ඩු පාලන ස්වභාවයක් ගත්තේ ය. පුද්ගලාභිවාදනය පැවතුණු අතර රටේ නායකයාට යම් තරමක දිව්‍යමය ස්වභාවයක් ආරූඪ කෙරිණි.ආර්ථිකව, උතුරු කොරියාව විදේශ ආධාර මත දැඩිව යැපුණු අතර සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු එහි ආර්ථිකය සීමාකාරී තත්ත්වයට පත්ව ඇත.
0 Comments